සුගලා දේවිය සතුරන්ගෙන් මිදී සැගවී සිටි ලෙනෙහි දොර පෙනෙන මානයේ පිහිටි ගම්පියස දොරපනේ නම් විය.මෙම ගම්මානයට ආලෝකය ගෙනෙන මිණි පහන වන්නේ දොරපන මහා විදුහලයි. ක්‍රි.ව.1941 මැයි මස 05 වන දින ජී.ජිවානන්ද මහතා ප්‍රධාන ආචාර්යවරයා ලෙස පත්කොට ළමුන් 50 දෙනෙකුගෙන් සමන්විත මෙම පාඨශාලාව ආරම්භ කරන ලදී.ප්‍රදේශයේ ගම්මුලාදෑනියකු වූ ආර්. අල්ලිස් අප්පුහාමි මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර 02 ක පමන භූමි ප්‍රදේශයේ දොරපනේ මිශ්‍ර පාඨශාලාව ඇරඹීමට දොරපනේ පේමනන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ ඉමහත් මෙහෙයක් දරන ලදී.ආරම්භයේදී 01 ශ්‍රේණියේ සිට 08 ශ්‍රේණියේ දක්වා පන්ති පැවැත් වූ අතර ථාවකාලික පොල් අතු සෙවිලි කොට ඉදි කල ගොඩනැගිල්ල ඉගැන්වීම් කටයුතු සිදු විය.