නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රඇඹි/දොරපනේ ජාතික පාසල

දහසක් බාධක මැද ගලායන සුන්දර නදියක් බදු වු දොරපන මහා විද්යාලය සුකොමල වූත් නිසංසල වූත් ගැමි පරිසරයක චමත්කාර ජනක වූ කදු පන්තියකින් වටවී ගමට ආරක්ෂාව සදහා වූ ශක්තිමත් පවුරක්මෙන්සදාහරිතව බබළමින් ගැමි දිවිය හා ගැමි සංස්කෘතිය පෝෂණය කරමින් නිබදව පවති.
පොලතු පැලෙන් ආරම්භ වී අද වන විට 1AB ශ්‍රේණියේ පාසලක් දක්වා ගමන් කිරීමෙදී මේ ගම් පියසේ ජීවත් වන සියලුදෙනා ඉතා ආඩම්බර වියයුතු අවස්තාවකි.සැබවින්ම මෙම විද්යාලයේ ආරම්බයී සිට මේ දක්වා මේ පින්බිම වන් දොරපනේ මහා විද්යාලයෙන් ශිල්ප සතර හදාරා අද වන විට විවිද ක්ෂේත්‍ර වල පැවිදි උතුමන්,ගිහි විද්වතුන් හා උගතුන් රටේ සංවර්ධනයට හා ජීවනලියට උරදෙමින් විදුබිම හා ප්‍රදේශය කීර්තියට පත්කර තිබීම විශේෂයෙන් පැසසිය යුතු වේ.එමෙන්ම අනාගත ලෝකයේ ජය උරුම කර ගනිමින් අනාගත ලෝකයේ නායකත්වය කරා යාමට අද දින වෙර දරණ දූ පුතුන් ඉතා දක්ෂ ලෙසින් ක්‍රියා කිරිම දක්නට හැකිය.
එබැවින් මේ පුණ්‍ය භූමියක් වැනි වූ දොරපන ජාතික පාසල රටේ කිර්තිනාමය තව දුරටත් ලෙලදවමින් අනාගත ලෝකය තුළ ඉහළින් වැජබේවායි පතමී.
එස්.ගුණරත්න,
නියොජ්‍ය විදුහල්පති