• (+94) 70 202 8664
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
DORAPANE M.V.

ර/ඇඹි/ දොරපනේ ජාතික පාසල

Embilipitiya Zone

  • Register
  • Login
DORAPANE M.V.

ර/ඇඹි/ දොරපනේ ජාතික පාසල

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

සුගලා දේවිය සතුරන්ගෙන් මිදී සැගවී සිටි ලෙනෙහි දොර පෙනෙන මානයේ පිහිටි ගම්පියස දොරපනේ නම් විය.මෙම ගම්මානයට ආලෝකය ගෙනෙන මිණි පහන වන්නේ දොරපන මහා විදුහලයි. ක්‍රි.ව.1941 මැයි මස 05 වන දින ජී.ජිවානන්ද මහතා ප්‍රධාන ආචාර්යවරයා ලෙස පත්කොට ළමුන් 50 දෙනෙකුගෙන් සමන්විත මෙම පාඨශාලාව ආරම්භ කරන ලදී.ප්‍රදේශයේ ගම්මුලාදෑනියකු වූ ආර්. අල්ලිස් අප්පුහාමි මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර 02 ක පමන භූමි ප්‍රදේශයේ දොරපනේ මිශ්‍ර පාඨශාලාව ඇරඹීමට දොරපනේ පේමනන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ ඉමහත් මෙහෙයක් දරන ලදී.ආරම්භයේදී 01 ශ්‍රේණියේ සිට 08 ශ්‍රේණියේ දක්වා පන්ති පැවැත් වූ අතර ථාවකාලික පොල් අතු සෙවිලි කොට ඉදි කල ගොඩනැගිල්ල ඉගැන්වීම් කටයුතු සිදු විය.

 

1941.10.06 වන දින තෙක් වැඩ බලමින් සිටි ජීවානන්ද මහතාගෙන් අනතුරුව 1941.10.06 වන දින සිට කේ.එම්.එම්.පෙරේරා මහ්ජතා පාඨශාලාවේ මුල් ගුරු තනතුරට පත් වු අතර උපගුරුවරයෙක්ද පාසලේ වැඩ භාර ගත්තාය. මෙතුමාගේ කාලා සීමාව තුල පාසල් වත්ත් ඉතා අලන්කාරව පවත්වාගෙන ගිය බව ලොග් සටහන්වල දැක්වේ. ඉන් අනතුරුව 1943.05.11 වන දින ඩී.එස්.සේනරත්න මහතා මුල් ගුරු තනතුරේ වැඩ භාරගන්නා ලදී.සී.උල්ලුවිස් හේවා මහතා 1943.10.07 වන දින මුල් ගුරුවරු තනතුරේ වැඩ භාරගන්නා ලද අතර මේ කාල සිමාවෙදී පාසල් වත්තේ විවිධාකරයේ භෝග වර්,ග වගාව සාර්,ථකව සිදු විය. අනතුරුව 1945.06.28 වන දින ප්‍රනාන්දු මහතා වැඩ බලන විදුහල්පතිවරයෙකු වශයෙන්ද 1946.05.01 දින පී.එම්.අභයකෝන් මහතා ද පාසලේ මුල් ගුරු තනතුරට පත් විය.1948 වර්,ෂයේ පෙබරවාරි 04 වන දින පාසල් භූමියේ බෝධියක් රෝපනය කිරීම සුවිශේෂී සිදුවීමක් විය. අනතුරුව 1943.05.04 වන දින පී.ජයසේන මහතා 1953.05.11 වන දින ඩබ්.නම්මුනිආරච්චී මහතාත් මුල්ගුරු තනතුර භාරගත්හ. මෙතුමාගේ කාලයේ ප්‍රථම වරට පාඨශාලාවේ ගුරු දෙගුරු සමිතියක් ආරම්භ කරන් ලද අතර 1953 අගෝස්තු මස දක්වා කාලය තුළ පාඨශාලාවට ජල මාර්,ගයක් ඉදිකරන ලදී.

 

1954.01.04 වන් දින ටී.එස්.අමරසේන මහතා මුල් ගුරු තනතුරේ වැඩ භාරගත් අතර මේ කාලයේ කේ.කුමාරදාස මහතා පාඨශාලවේ ප්‍රධාන උප ගුරුවරයා වශයෙන් සේවය කලේය. ඉන් අනතුරුව 1955.11.29 වන දින සිට මුල් ගුරු තනතුරේ වැඩ බැලුවේද කුමාරදාස මහතා විසිනී. මෙම අවධීයේ පාසලේ මෙන්ම ප්‍රදේශයේ ද කැපී පෙනෙන සන්වර්,ධනයක් සිදු විය. පාසලේ ශිෂ්‍ය සන්ඛ්‍යාව 160 ඉක්මවූ අතර ගුරු නිවාසයක්ද ඉදි වීම සුවිශේෂි සිදුවීමකි. තවද ප්‍රදේශයේ පොදු කටයුතු රැසක් පාසලේ මුලිකත්වයෙන් සිදු විය. මෙතුමාගේ ඇවැමෙන් 1958.08.01 වන් දින ඩී.සී.එල්.ජයවර්,ධන මහතා මුල් ගුරු තනතුරේ වැඩ භාරගත් අතර මේ කාල සීමාවේ ර/දොරපනේ මිශ්‍ර පාඨශාලාව බවට පත් විය.

 

1962.01.01 වන දින පාඨශාලාවේ මුල් ගුරු තනතුරට පත් වූ කේ.ඊ.හීන්මහත්තයා මහතා පාසල් ඉතිහාසයේ නොමැකෙන මතකයක් සනිටුහන් කළ චරිතයක් විය.මෙතුමාගේ පාලන කාලය තුළ පාසලේ 10 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් ඇරඹු අතර සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට සිසුන් ඉදිරිපත් විය. ඒ අනුව 1965 වර්,ශයේ දී පළමු වරට වී.පී.ජේ.මල්ලිකා , වී.පී.ජේ.කුසුමාවතී , එම්.කේ.අමරදාස යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වූහ.1968.01.01 දින යසරත්න දිසානායක මහතාද , 1969.02.05 සිට එස්.කේ.ඒ.තිලකරත්න මහතාද , අනතුරුව ජේ.ජිනපේම මහතාද , ආර්.කේ.ජී. ජයවර්,ධන මහතාද, එස්.එච්.ප්‍රේමදාස මහතාද , ඒ.ගුනවර්,ධන මහතාද 1970 ජනවාරි මස සිට මාස තුනක කෙටි කාලය තුළ පාසලේ මුල් පුටුව හෙබවූහ.1960 සිට 1970 කාලයේ පාසලට රජයේ ආධාර මත ස්ථිර ගොඩනැගිල්ලක් ලැබුනු අතර පාසලේ ගුරු සන්ඛ්‍යාව ද වර්,ධනය විය.

 

1970.09.01 වන දින අ.මො.සුමනසේන මහතා පාසලේ වැඩ බලන විදුහල්පතිවරයා ලෙස පත් වූ අතර 1971 වසරේ ග්‍රාම සන්වර්,ධන සමිතිය මගින් පාසලට අවශ්‍ය ජල පහසුකම් ලබා දීමද සිදු විය.මීට අමතරව තාවකාලික විද්‍යා කාමරයක්ද ඉදි විය. නැවත් වරක් 1972.06.05 දින යසරත්න දිසානායක මහතා මුල් පුටුවට පත් වූ අතර ඩී.එස්.ඉලේපෙරුම මහතාගේ කෙටි ධූර කාලයෙන් අනතුරුව නැවතත් දිසානායක මහතාටම මුල් පුටුවේ වගකීම් දැරීමට සිදු විය. 1983.03.01 වන් දින ඩී.කේ.හීන්මහත්තයා මහතා විදුහල්පති ධූරයට පත් වූ අතර මේ වකවානුවේදී උප විදුහල්පති ධූරයද ක්‍රියාත්මක විය.

 

1992.11.18 වන දින මෙතෙක් විද්‍යාලයේම ජේෂ්ඨ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ වයි.එල්.සෝමදාස මහතා විදුහල්පති ධූරයට් පත් විය. අනතුරුව 2001.01.16 දින ඒ.එම්.සෝමසිරි මහතා විදුහල්පති ධූරයේ වැඩ භරගන්නා ලදී. 1990 - 2003 කාල සීමාවේ පාසල ක්‍රමයෙන් සන්වර්,ධනය විය. පාසලේ ගුරු සිසු සන්ඛ්‍යාවේ මෙන්ම විභාග වලින් සමත් වන සිසු සන්ඛ්‍යාවේ ද වර්,ධනයක් ඇති වූ අතර සිසුන් ක්‍රිඩා ආදී විවිධ තරග වලට සහභාගී වී ජයග්‍රහන ලබා පාසලට කීර්,තියක් අත් කර දී ඇති බව පෙනේ. මේ අවධියී සින්හල සාහිත්‍ය තරග වලින්ද සමස්ථ ලන්කා , ජාතික මට්ටමේ ජයග්‍රහන පවා පාසල මගින් අත් කරගෙන තිබේ.

 

ර/ඇඹි/දොරපනේ විද්‍යාලයට නව ජීවයක් ලබා දෙමින් 2003.02.27 දින කේ.ජී.ඩී. ජයපාල මහතා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙසට පත් විය. මෙතුමාගේ කාලය තුල පාසල් භෞතික මෙන්ම මානව පරිසරයද වර්,ධනිය වෙනසක් සිදු විය. 2004 වර්ෂයේදී පාසලේ ප්‍රථම වරට් සිසුන්ගේ දක්ෂතා හා කුසලතා එළි දැක්වීම සදහා අධ්‍යාපනික ප්‍රදර්,ශනයක් පවත්වන් ලදී.පාසලේ සිසුන් තරගවලින් විශිෂ්ට ජයග්‍රහන ලැබුවද ඔවුන්ට ක්‍රීඩා කිරීමට මේ දක්වාත් ක්‍රීඩා පිටියක් නොතිබුණි. එබැවින් පාසලේ සේවය කළ අරියරතන හිමිගේ ප්‍රධනත්වයෙන් තාවකාලික ක්‍රීඩ පිටියක් පාසල තුල ඉදි විය.තවද පාසලට අඩුවක්ව පැවති විද්‍යාගරයක් සදහා 2004 වසරේ පාර්,ලිමේන්තු මන්ත්‍රී රත්නතිලක මහතා මුල්ගල තැබූ අතර එය 2005 වසරේ සිසු අයිතියට පැවරුණි. මීට අමතරව 2006 වර්ෂයේදී දෙල්කද බෝධීමළු විහාරාධිපති දාපනේ සුමනවන්ශ හිමියන්ගේ උපදේස් හා ආධාර මත පාසලට අලන්කාර බුදු මැදුරක් ද ඉදි කරන් ලදී.

 

2007 වර්,ෂය පාසලට ඉතිහාසගත වන වසරක් විය. එනම් 2007.10.20 වන දින අ.පො.ස.උසස් පෙළ කලා විෂය ධාරාව ඉගැන්වීම ඇරඹීමත් සමග මෙදින නිල වශයෙන් පාසල මහා විද්‍යාලයක් බවට පත් විය. ඒ අනුව 2007 වර්,ෂය අවසන් වන විට පාලේ ගුරු සන්ඛ්‍යාව4 මෙන්ම ශිෂ්‍ය සන්ඛ්‍යාවද වර්ධනය විය. තවද දොරපනේ විද්‍යාලයට අඩුවක්ව පැවති පරිගණක ඒකකයක් සදහා 2008 වර්,ෂයේදී මුල්ගල් තැබීම සිදු විය.ඒ වගේම ප්‍රදේශවාසීන්ගේ අපරිමිත කැපවීමේ ප්‍රතිඵලයක් හා කෝප්පකන්දේ සිරිසුමනතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පරිත්‍යාගයෙන් පාසලට ස්ථීර ක්‍රීඩා පිටියක් හිමි වූ අතර 2009.02.03 වන දින ප්‍රථම වරට එහි නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වුණි.

 

2011.09.05 වන දින ජයපාල මහතා පාසලෙන් ඉවත්වීමත් සමග නැවත වරක් ඒ.එම්.සෝමසිරි මහතා විදුහල්පති ධූරයට පත්විය. 2012 වසරේ සිට පාසලේ උසස් පෙළ වාණිජ විෂය ධාරාවද ඇරඹී අතර 2012.06.06 වන දින රයිනෝ ආයතනය මගින් පරිත්‍යාග කළ පරිගණක ඒකකයක් සිසු අයිතියට පත්විය.පාසල් දහසක් සන්වර්,ධනය කිරීමේ වැඩසටහන යටතේ සන්ව,ර්ධනය වන මෙම පාසලේ ප්‍රාථමික අන්ශය වර්,තමානයේ වෙනත් ස්ථානයක පිහිටුවා තිබේ. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය යටතේ පාසලට හිමි වූ මහින්දූදය තාක්ෂණ විද්‍යාගාරය සිසු දුවා දරුවන්ගේ නැන පහන් දල්වන්නට මහගු පිටුවහලක් වනු නොඅනුමාන ය.

 

 

ආරම්භ කළ වර්ෂය

1941.05.05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

50

මුල් ගුරුතුමාගේ නම

ජී.ජිවානන්ද

පාසලේ ආදි කතෘගේ නම

 ආර්.ඒ.අප්පුහාමි මයා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ර/ඇඹි/දොරපනේ ජාතික පාසල

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1945

පාසල පැවැත්වූ ස්ථානය

name here

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

name here

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

name here

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1941.05.05

 

 

 

{QF3=5}

DORAPANE M.V.

ර/ඇඹි/ දොරපනේ ජාතික පාසල

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Dorapane, Omalpe
  • දුරකථන(+94) 123456789
  • ෆැක්ස්(+94) 123-456789

Supported By

© 2026 DORAPANE M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk